ඇපල් ගෙඩියක පිට ඔපයට රැවටීම සාමාන්‍ය මිනිස් ගතියකි. එලෙස මිලදී ගත් ඇපල් ගෙඩිය, ඇතුලෙන් කුණු වී පණුවන් සිටීයි නම් එය විසිකර දැමීමද සාමාන්‍ය මිනිස් ගතියකි.
එසේ නොමැතිව ඇපල් ගෙඩියේ පණුවන් ඉවත් කර කන්න යනවා නම් හෝ, දෙවනුව ගත් ගෙඩිය කුණු වී ඇති බැවින් කලින් විසිකළ කුණු ඇපලයේ පණුවන් ඉවත් කර ආහාරයට ගැනීමට කල්පනා කරයි නම් එතන මනුෂ්‍යභාවයකට වඩා ඇත්තේ ප්‍රේත ස්වභාවයකි.
අපේ සමාජය අලුත් ඇපල් ගැන හිතන්න පුරුදු වී ඇත්තේම නැත. ඒ ඇපල් අධිරාජ්‍යවාදී පළතුරක් නිසා වන්නට ඇත. ඔවුන් එදා ඉඳන්ම කලේ ඇපල් ගෙඩිවල ඇති පණුවන් ගණන ගණන් කිරීමයි. ඒ අඩු පණුවන් ගණනක් සිටින ඇපල් කෑමටයි. එහෙත් අවාසනාවකට බොහෝ දෙනෙකුට ගණන්ද බැරිය.
මට මේ කුණු ඇපල් කථාව මතක් වුයේ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ ඇතිවූ දෙබසක් කියවීමෙන් අනතුරුවයි. දැන් ආණ්ඩුවේ ඇත්තෙක් නැගිට පෙර ආණ්ඩුවේ කුණු වැඩ ලැයිස්තුවක් කියවන ලදී. ඉන්පසු පෙර ආණ්ඩුවේ ඇත්තෙක් තේජස් හඬින් දැන් ආණ්ඩුවේ කුණු කම් ලැයිස්තුවක් සභා ගත කරන ලදී. පසු දින දෙපැත්තේම හිතැත්තෝ තම තමන්ගේ එකා ඉදිරිපත් කල ලැයිස්තු ගැන පාරම්බාමින් වතපොතේ පොස්ට් පුරවන්න විය.
එකෙක්ටවත් තමන්ගේ වැරදි හදා ගන්නවත්, එල්ලවන චෝදනා නිශේධ කිරීමටවත් වුවමනාවක් නැත. මන්ද රටේ ජනතාවට අවශ්‍ය අනෙකා කන ඇපල් ගෙඩියේ ඉන්න පණුවන් ගණන වැඩි බව තහවුරු කර ගැනීම පමණි.
රැවටිල්ලට සීමා නැත
ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ නායකයන් යැයි කියා ගන්නා සියලු දෙනාම පාහේ එදා සිටම කලේ රැවටීමයි. මෙම රැවටීම 70 ගණන්වලදී ත්වරණයට ලක්වී අද වන විට අධි වේගයෙන් වර්ධනය වෙමින් පවතී. දැන දැනම මේ රැවටිම්වල පැටලීමට තරම් සමාජය මුග්ධ වීම තිබෙන අවාසනාවන්තම තත්වයයි.
ජාතිකවාදින් සහ සමාජවාදින් මෙන්ම ඔවුන්ගේ දරුමල්ලන්ද අවස්ථාවක් ලැබුණු විගස දිවයන්නේ ඔවුන් පට්ට ගසන බටහිර රාජ්‍ය වෙත මිස කොමියුනිස්ට් හෝ සමාජවාදී රටවලට නොවේ. ලංකාවේ සමාජවාදය ඇති කරන්න පොලවේ හැපෙන කුමාර් ගුණරත්නම් පුරවැසිබාවය පැතුවේ ඕස්ට්‍රේලියාවෙන් මිස උතුරු කොරියාවෙන් හෝ කියුබාවෙන් නොවේ. ජාතික චින්තනය පිළිබඳව කෑ මොර දෙන මහාචාර්යවරුන්ද සැබටිකල් ලැබුණු විගස දිව්වේද ඔවුන්ගේ දරුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටත් වුයේද කොයි දිසාවටදැයි සොයා බලන්න. ජිනීවා-විරෝධය මත සෑහෙන කාලයක් තම දේශපාලන දිවිය ගැට ගසා ගත් සමහර දෙනා බලය හැලුණු මොහොතේ පෙත්සම් කර උඩ තියාගෙන ජිනීවා දුවනු අපි සැවොම දුටිමු. මේ හැම ක්‍රියාවක්ම සාධාරණීකරණය කිරීමට මෙම නායකයන්ට දහසක් හේතු ඇත. එම හේතු පිළිගැනීමටත්, පිළිගැනීමට නොහැකි හේතු අමතක කර දැමීමටත්, නායකයා හේතුවක් නොදුන හොත් තමාම හේතුවක් මවාගෙන නායකයා ගොඩ දැමීමටත් ඔවුන්ගේ අනුගාමිකයෝ සැදී පැහැදී සිටිති.
අනෙක් අතට ජනතාවගේ අයිතිවාසිකම් කාප්පාදු කරමින්, ඔවුන් කෘර ලෙස තලා පෙළමින්, මහජන මුදල් කොල්ලකමින්, රටේ සම්පත් නොරටුන්ට විකුණමින් ජඩ පාලනයක් ගෙන ගිය සියලු නායකයන් බලයට පැමිණියේද, දිගටම බලයේ සිටියේද ධාර්මිෂ්ඨ සමාජයක්, දුෂණයෙන් භීෂණයෙන් තොර රටක්, දේශීය චින්තනයක් මහජනයා ඉදිරියේ මවා පාමිනි. අද යහපාලනය නමින් සිදුවන්නේද එහි තවත් පියවරක් පමණි.
රජයේ ඇඳුම
මා දේශපාලනය ගැන කිසියම් හෝ අවබෝධයක් ලබන කාලය වන විට සිරිමාවෝ මැතිණියගේ රජය කාලි මෑණියන්ට ඇඳ (හෝ අන්දවා) තිබුණි. එය පත්තිනි මෑණියන්ට ඇඳ සිටි සමය මට මතක නැත.
ජේ ආර් ජයවර්ධන රජය පැමිණියේ සුදු පිරුවට පැළඳි මහෝපාසක ලිලාවෙනි. ක්‍රමයෙන් තම සළු පිළි උනා දැමු රජය 82 කළගෙඩි-ලාම්පු සෙල්ලමෙන් පසු අමු නිරුවත් යකෙකු විය.
ප්‍රේමදාස රජය බලයට පැමිණියේම යක් ඇඳුමිනි. එය දෙවියන්ට වඩා යකුන්ගේ සේවය රටට අවශ්‍ය වූ යුගයක් වීදැයි මම නොදනිමි.
චන්ද්‍රිකා රජය පැමිණියේ සුරංගනා වෙස් ඇතිවය. ඉන් පසු එය යක්ෂ, දේව, රාක්ෂ, බහුභූත, කෝලම්, ආදී නොයෙකුත් වෙස් ගනිමින් අන්තිමේදී කිසිම වැඩක් නොකරම යන්න ගියේය.
ටයි කෝට් පැළඳ පැමිණි කෙටි කාලින යු එන් පී රජය ඇඳුම් මාරු කිරීමට පෙරම ඇදගෙන වැටුණි.
මා දුටු ආකාරයට සාමාන්‍ය මනුෂ්‍ය ඇඳුමකින් සැරසී ප්‍රථම වරට බලයට පැමිණියේ මහින්ද රජයයි. එම රජයට ප්‍රථම වසර පහ තුලදී රටේ විශාල කර්තව්‍යයක් සිදු කිරීමට හැකි වුයේද මේ මිනිස් ඇඳුම නිසා බව මගේ හැඟීමයි. අවාසනාවට ඊළඟ වකවානුවේදී, මස් කටු වලට ඉව අල්ලමින් සිටි සුනඛ රැළක් එකතු වී මේ 'මිනිසාව' බලහත්කාරයෙන් රජාට ඇන්ද වීය. රජා සිතන්නේ රටේ සියලු දේ තමාගේ බවයි. මෙය කොයි රජාටත් අදාලය. එබැවින් ඔහු සිතැගි පරිදි රටේ සම්පත් තමාගේ සුඛ විහරණයට යොදා ගත්තේය. අන්තිමට සිදු වුයේ රජාට රජකමද අහිමි වී ගෙදර යාමට සිදුවීමයි. අද ඒ සුනඛ රැළම එකතු වී කලින් රජාට ඇන්දවූ මේ මිනිසාව ගොනාට අන්දමින් සිටියි. මෙය තවත් ඛේදවාචකයකි.
ටයි-කෝට් / සරම්-බැනියම් ඇඳගෙන පැමිණි රනිල්-සිරිසේන රජය ඉතා කෙටි කලකින් කවටයාට ඇඳ ඇති සේයකි. නිකම්ම කවටයෙක් නොව කපටි, මෝඩ, තක්කඩි ජෝකරයෙකි. මට පෙනෙන හැටියට මේ රජය හතර අතට ගොනුන් බැඳී ගැලක් මෙනි. හැම ගොනාම තමන්ට රිසි අතට ගැල ගෙනයාමට වෙර දරයි. ගැල එතැනමය. එහෙට මෙහෙට පැද්දීම නිසා ඇණ මුරිච්චි බුරුල් වෙමින් පවතී. කොයි වෙලේක හෝ ගැලම කඩා ගෙන වැටෙනු ඇත.
මේ යතාර්ථය තේරුම් ගැනීමට සමත් කී දෙනෙක් මේ ලිපිය කියාවාවිදැයි මම නොදනිමි. එහෙත් මෙය ඒ මානසික නිරවද්‍යතාව රටට අත්‍යාවශ්‍ය මොහොතකි. කළු දේ කළු ලෙසත්, සුදු දේ සුදු ලෙසත්, ලොව කළු සහ සුදු මිස කළු හෝ සුදු නොවන බවත් පැහැදිලිව ධාරණය කරගැනීමට කාලය එළඹ ඇත.
මා සැමදා පවසන්නා සේ වැදගත් වන්නේ ඔළු ගෙඩි තුල ඇති දේ වෙනස් කිරීම මිස ඔළු ගෙඩි වෙනස් කිරීම නොවේ. දෙවැන්න අවශ්‍ය වන්නේ පළමුවැන්න සිදු නොවන විටයි.
වෙනසක ඇරඹුම
මෑත ඉතිහාසයේ නොයෙකුත් සාධනීය ගුණාංග සහිත තරුණ දේශපාලකයන් කිහිප දෙනෙක් සෑම පක්ෂයකින්ම බිහිවෙනු මම දැක්කෙමි. එහෙත් කුඩු කාරයන්, එතනෝල් කාරයන්, බුද්ධි හීන නළු නිලියන් හා ජනමාධ්‍ය මුදලාලිගේ ගෝල බාලයින් විශාල මනාප ප්‍රමාණයක් සහිතව පත් කර ගැනීමෙන් රටේ ජනතාව විසින්ම මෙම සුබවාදී දේශපාලකයන්වද පරණ මඩ ගොහොරුවටම තල්ලු කර දැමීය. සාධාරණ මනුෂ්‍යයෙකුට දේශපාලන ගමනක් නොමැති බව ජනතාව විසින්ම ඔප්පු කර පෙන්වීය. සමන්ත විද්‍යාරත්න වැනි කිහිප දෙනෙකු තවමත් දේශපාලන පණනල ගැට ගසා ගෙන ඇතත් ඒ තව කොපමණ කාලයකටදැයි මම නොදනිමි.
අපි වෙනස ඇරඹිය යුත්තේ මෙතන සිටයි. පවතින රටාව වෙනස් කල නොහැකි යැයි ඔබ සිතන තාක් කල් එය වෙනස් කල නොහැකිය. ඔබ වෙනස පටන් ගත යුත්තේ ඔබ තුලින්මය. පළමුවෙන්ම ඔබගේ කොළ, නිල්, රතු කණ්නාඩි ගලවා පසෙකින් තබන්න.
ඉන් පසු සිතන්න.
තමා ඔසවාගෙන යන දේශපාලන පක්ෂයේ හෝ දේශපාලකයාගේ නොපනත්කම් ගැන මැදහත් සිතින් සිතන්න. ඔහු ඔසවාගෙන යෑමෙන් ඔබට හෝ රටට වැඩක් වේදැයි සිතන්න. ඔහුගේ සැබෑ ගුණ පිළිබඳව ඉන් පසුව සිතන්න. ඔහුගේ අගුණ දුරු කිරීමටත් ගුණ වර්ධනය කිරීමටත් තමාගේ මට්ටමින් කල හැක්කේ කුමක් දැයි කල්පනා කරන්න.
මේ ආකාරයටම තමා පහර දෙන තැනැත්තාගේ හෝ පක්ෂයේ ගුණ නුගුණ දෙසත් විවේචනාත්මකව බලන්න. ඔබගේ සිතිවිලි වල සමබරතාවයක් ඇති වී ඇතැයි ඔබට හැගීමක් ඇතිවන තෙක් සිතන්න. ඔබගේ චෛතසික සමබරතාවය ලඟා වී ඇත්දැයි පහත දැක්වෙන පරිදි අත්දකින්න.
වතපොතේ ඔබ ඔසවාගෙන යන දේශපාලකයාගේ ගුණ වයන පොස්ටුවක් දුටු විට ඔබගේ සිතට මහත් වින්දනයක් හා ගැම්මක් ඇතිවේද, ඔබ පහර දෙන දේශපාලකයාගේ එවැනි පොස්ටුවක් දුටු විට ඔබට ක්‍රෝධයක් හා සාංකාවක් දැනේද, ඔබගේ මනස තවමත් සමතුලනය වී නැත.
ඔබ සමබර වූ විට ඔබ අවට සිටින අය සමග මැදහත් සිතින් සාකච්චා කරන්න. වතපොතේ කිසිවෙකුත් ඔසවා තබන හෝ කිසිවෙකුත් අපහාසයට ලක් කරන පොස්ටු ෂෙයාර් කිරීමෙන් වලකින්න. ඔබ දෙස අන්‍යයන් වෙනදා නොමැති ගෞරවයකින් බලනු ඔබටම අත්දැකිය හැක. දින කිහිපයකින් ඔබගේ ප්‍රතිරුපයේ පැහැදිලි වෙනසක් දැකගත හැකිවනු ඇත.
දැන් මේ වෙනස ඔබ අවට සමාජය වෙතටද ඇතුළු කරන්න. කිසි විටෙකත් අන් අයගේ මත බිඳ හෙලීමට හෝ ඔබගේ මතයන් බලහත්කාරයෙන් ඔවුන්ගේ හිත වලට ඇතුළු කිරීමට උත්සහ ගන්න එපා. ඒ වෙනුවට ඔවුන්ට මැදහත්ව සිතීමේ වටිනාකම කියා දෙන්න. මේ ජිවන පාඩම ඔවුනට තම එදිනෙදා කටයුතු වලදී මෙන්ම ඊළඟ චන්දයේදී නිවැරදි තීරණ ගැනීමටද උපකාරී වනු ඇත.
එක රැයෙන් ඇතිවන විප්ලව බොහෝ විට එක රැයින්ම කෙලවර වේ. එහෙත් සමාජයේ පුද්ගල මට්ටමින් පටන්ගෙන ක්‍රමයෙන් වර්ධනය වන යහපත් වෙනස් වීම් දීර්ඝ කාලින සුභ ප්‍රතිඵල ලබා දෙයි.