අල සහ ලොකු ලූණූ බදු වල වාසිය කාටද?
ආණ්ඩුව විසින් අගෝස්තු මැද භාගයේ සිට අල සහ ලොකු ලූණු සඳහා පැවති බද්ද 150% පමණ වැඩි කර ඇත. මෙහිදී රජය ගෙනෙන තර්කය නම් මෙමගින් ගොවියා ආරක්ෂා කරගත හැකි බවයි. එහෙත් සත්‍ය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.
ලංකාවේ අල වගාව පෙබරවාරි-මැයි සහ සැප්තැම්බර්-දෙසැම්බර් කාලවල නුවර එළියේද මැයි-අගෝස්තු අතර බදුල්ල දිස්ත්‍රික්කයේද සිදු කෙරේ. මේ අනුව වෙවන විට අල වගාවේ අස්වැන්න නෙලාගෙන හමාරය. ලූණු වගාව සාමාන්‍යයෙන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කල හැකි අතර සැප්තැම්බරයේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල අගෝස්තු මුල් සතිය වන විට ලූණු අස්වැන්න නෙලා ගනී. ලංකාවේ සාමාන්‍ය ක්‍රමය නම් මේ බෝග දෙක සඳහාම අස්වැන්න නෙලීමට පෙර මිළ ලකුණු කරගෙන තොග වෙළෙන්දාට විකිණීමයි. එවිට තොග වෙළෙන්දා ගොවි පොලට ගොස් අස්වැන්න එකතු කරගනී. මීට අමතරව සුළු පරිමාණ වගා කරුවෝ අස්වැන්න නෙලූ විගසම ලොරිවලින් තොග වෙළදසැල් කරා තම අස්වැන්න ගෙනියති. ඊට හේතුව ඔවුන්ට ගබඩා පහසුකම් නොමැති වීමය.
ඒ අනුව මෙම බදු වැඩි වීම ප්‍රකාශ කරන විට අල සහ ලොකු ලූණු යන නිෂ්පාදන දෙකම තොග වෙළෙන්දා ළඟය.
මේ අනුව මෙම බදු වැඩි කිරීමෙන් විශාල වශයෙන් වාසි ගන්නේ රජය සහ තොග වෙළෙන්දාය.
විඳවන්නේ ගොවියා සහ පාරිභෝගිකයාය.