tag:blogger.com,1999:blog-7057482407804887706.post6168081801653490657..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: නිදහස් අධ්‍යාපනයේ මළගමChandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7057482407804887706.post-16179457211079173582016-08-15T21:05:58.061-07:002016-08-15T21:05:58.061-07:00SAITM අයගේ සුදුසුකම් පිළිබද ගැටළු ඇත.එය නිසයි බොහෝ...SAITM අයගේ සුදුසුකම් පිළිබද ගැටළු ඇත.එය නිසයි බොහෝ විරූධතා එන්නේ.BTW private hospital anawashya testes(operations) ehema karanwa profit laba ganna.chanikahttps://www.blogger.com/profile/14812145594615434340noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-54354410184396194392016-08-15T20:56:39.482-07:002016-08-15T20:56:39.482-07:00ලංකා රජයට විශ්වවිද්‍යාල දියුණු කිරීමට කිසිදු ඕන කම...ලංකා රජයට විශ්වවිද්‍යාල දියුණු කිරීමට කිසිදු ඕන කමක් නැත.විශ්වවිද්‍යාල බලදරීන්ටත් උවමනා නැත.පාඨමාලා යාවත්කාලීන වීමක් නැත.chanikahttps://www.blogger.com/profile/14812145594615434340noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-37400252420196205022016-01-23T20:03:24.240-08:002016-01-23T20:03:24.240-08:00ලංකාවේ වැඩි දෙනෙක් හොඳින් දන්නා එහෙත් ඇසීමට අකමැති...ලංකාවේ වැඩි දෙනෙක් හොඳින් දන්නා එහෙත් ඇසීමට අකමැතිම තිත්ත ඇත්තක් දැන් මා ඔබට පවසන්නම්. මෙය කිසිඳු දේශපාලකයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සිතන්නවත් බිය කරුණකි.

ලංකාවේ දුප්පත් පන්තියට බොහෝ සහන ගෙන දෙන නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ වෛද්‍ය පහසුකම් වෙනුවෙන් වැඩියෙන්ම වැය කරන්නේ කවුද? ඒ පොහොසත් පන්තියයි. මේ නොමිලේ සේවා ලබා දෙන්නේ ඔවුන්ගෙන් අය කරන ආදායම් බදු මුදල් වලිනි. ඔබ මිළදී ගන්නා සෑම බඩුවකින්ම රජයට යම් බදු මුදලක් ඔබ ලබා දෙයි. මෙහිදීද වැඩියෙන් බදු ගෙවන්නේ වැඩියෙන් මුදල් වියදම් කරන ධනපති පන්තියයි. තිත්ත ඇත්ත මෙයයි. එබැවින් ලංකාවේ මුදල් ඇත්තෙකුට තම මුදල් යොදවා ලංකාවේම රෝහලකින් සායන පුහුණුව ලැබීමට නොහැකි කිරීමට ඔබට ඇති අයිතිය පිළිබඳව මදක් සිතන්න? බොහෝ විට වෛද්‍ය විද්‍යාල දියුණු වන විට ඔවුන් තමාගේම ශික්ෂණ රෝහලක් ගොඩ නගනු ඇත. නොඑසේ නම් රජය මගින් යම් කාල සීමාවක් ඒ සඳහා පැනවිය හැක. එමගින් රටට තවත් රෝහලකද හිමිවේ.

අනෙක් අතට ලංකාවේ උපයන ධනය වෙන රටකට ලබා දී වෛද්‍ය උපාධි සහතිකයක් ගෙන පැමිණෙන අයෙකුගේ අධ්‍යාපන පසුබිම ගැන ලංකාවේ වෛද්‍ය කවුන්සිලය සොයන්න යන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ERPM (කලින් Act 16) විභාගය පැවැත්වීමයි. නමුත් අප රටේම ඇති වෛද්‍ය විද්‍යාලයක සිසුන් සඳහාද එම නිර්දේශයම කිරීමට මෙම වෛද්‍ය කවුන්සිලය ඉදිරිපත් වන්නේ නැත. ERPM විභාගය සඳහාද සෑම වසරකම අහඹු ලෙස තෝරාගත් මෙරට දැනට ස්ථාපිත රජයේ වෛද්‍ය විද්යාලව සිසුන් පිරිසක්ද ඉදිරිපත් කිරීමෙන් විභාගයේ තත්වය පිළබඳව ඇගයීමක් කල හැක.
Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-16405309488668455442016-01-23T20:02:27.947-08:002016-01-23T20:02:27.947-08:00දැනට ලංකාවේ පවතින මුදල් ගෙවා තෘතික අධ්‍යාපනය ලබා ද...දැනට ලංකාවේ පවතින මුදල් ගෙවා තෘතික අධ්‍යාපනය ලබා දෙන ආයතනවල අඩු පාඩු බොහෝ ඇත. ඒ ඒවා ඇරඹී ඇත්තේ මෑතක බැවිනි. ලෝකයේ දියුණු යයි සම්මත බොහෝ රටවල අධ්‍යාපන ඉතිහාසය හැදෑරුවොත් මෙවැනි ආයතන බිහි වූ කාලයේ ඒවායේ තිබු විශාල අඩු පාඩුකම් වලට එරෙහිව ජනතාව හඬ නැගු බවත් ඒවා නිවැරදි කරගනිමින් එම රජයන් සහ ආයතන පෙරට ආ බවත් ඔබට දැන ගත හැකිවනු ඇත (එංගලන්තයේ අධ්‍යාපන ඉතිහාසය පිළිබඳව වත් හදාරන්න). එවකට එම රටවල පැවති රජයයන් මෙම ආයතන වසා දැම්මා නම් අද වන විට අප ඉහලින් වර්ණනා කරන සරසවි බොහොමයක් නොපවතිනු ඇත. රටක් ලෙස අපද රජයද කල යුත්තේ අඩු පාඩුකම් පෙන්වා දෙමින් ඒවා නිවැරදි කරගැනීමට ඇත දීමය (දැඩි රීති යෙදුවාට කම් නැත)

අනෙක් අතට ඉන්දියාවේ හතු පිපෙන්නාක් මෙන් බිහි වුන, මුදල් අය කර තෘතික අධ්‍යාපන ලබාදෙන ආයතන බොහොමයක් (වෛද්‍ය විද්‍යාලද ඇතුළුව) කිසිඳු තත්ව විග්‍රහයක් හෝ ඒ ඔස්සේ කල යුතු වෙනස්කම් හා වර්ධන සිදු නොකර එලෙසම ගලා ගෙන යයි. ඊට හේතුව මහජන විරෝධයක් එල්ල නොවීමත්, තත්වය කෙසේ වෙතත් එම ආයතන වලට සිසුන් ඇතුළු වීමත්ය.

අපගේ තීරණය විය යුත්තේ අප ඉන්දියාව ගිය මග යනවාද නැත්නම් බ්‍රිතාන්‍ය ගිය මග යනවාද යන්නයි. ඒ දෙකටම නැති මගක් ගෙන ස්ථාපනය කල ආයතන වසා දැමීමෙන් රටට සුගතියක් වේද යන්නත් ලාංකික ඔබ තීරණය කල යුතුය.

මෑතකදී ඇති කල මුදල් ගෙවා අධ්‍යාපනය ලබා දෙන ආයතනවලට ජාත්‍යන්තර අංකන කරා යා හැකිදැයි ප්‍රශ්ණ කිරීමට තවමත් ඉක්මන් වැඩිය. දශක ගණනාවක් පවත්වාගෙන යන ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබාදෙන සරසවිවල අංකනය කුමක්දැයි දන්නා අයෙකුට ලංකාවේ මෑතකදී ඇරඹු හෝ යථා කාලයේදී අරඹන සරසවියක අංකනය ගැන කථා කිරීම හාස්‍ය ජනක බව වැටහෙනු ඇත.

මුදල් ගෙවා අධ්‍යාපනය ලබා දෙන වෛද්‍ය විද්‍යාලයක සිසුන්ට රජයේ රෝහල්වල සායන පුහුණුව ලබා නොදීම පිළිබඳව නම් මට ලාංකිකයන් ගැන ඇත්තේ සංවේගයකි. මුලින්ම කල්පනා කර බලන්න මෙම සායන පුහුණුව ලබා දෙන්නේ කුමකටද? වෛද්‍ය විද්‍යාව හදාරණ සිසු සිසුවියන් පිරිසකගේ දැනුම වැඩීමටය. ඒ සඳහා රජයට වැයවන්නේ කුමක්ද? වෛද්‍යවරයෙකුගේ කාලයෙන් සුළු වේලාවකි. එමගින් රටට ලැබෙන්නේ කුමක්ද? තවත් පුහුණුව ලත් වෛද්‍යවරු පිරිසකි. මේ සඳහා යම් ගාස්තුවක් අය කරන්නේ නම් එයද එම රෝහල් වැඩි දියුණු කිරීමට යෙදිය හැක.

මේවන විට රජයේ විද්‍යාල බොහොමයක උපකරණ, පහසුකම් සහ සේවා මුදල් අය කර ජනතාවට පරිහරණය කිරීමට විවුර්ත කර ඇති බව ඔබ නොදන්නවා විය නොහැක. ලන්ඩන් AL ප්‍රයෝගික විභාග වල සිට පශ්චාත් උපාධි දක්වා මේ කටයුත්ත සිදු කෙරේ. මෙමගින් රටට අවැඩක් වේද? රටට හානියක් වන්නේ කෝටි ගණන් වැය කර ලබා ගත් භාණ්ඩ සහ පහසුකම් සඟවාගෙන සිටීමෙන් බව අවබෝධ කරගන්න. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-24073216137910102932016-01-23T19:59:24.897-08:002016-01-23T19:59:24.897-08:00මුලින්ම අප අවබෝධකරගත යුත්තේ මුදල් අය කර අධ්‍යාපනය ...මුලින්ම අප අවබෝධකරගත යුත්තේ මුදල් අය කර අධ්‍යාපනය ලබා දෙන ආයතන රටකට අවැසි මන්ද කියාය. ලංකාව වැනි රටක ආර්ථික තත්වය හමුවේ රජයේ වියදමින් සරසවි නඩත්තු කල හැක්කේ සීමිත ප්‍රමාණයක් බව ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. එබැවින් රටේ ජනතාවගේ බුද්ධි මට්ටම ඉහලට ගෙනයාම සඳහා පෞද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය මුදල් අයකිරීමේ පදනමක් මත ඉදිරිපත් වන්නේ නම් එය රටට වන සුගතියකි. එහි යාන්ත්‍රණ වේදය ගැන අප කතා කලයුත්තේ එතැන් සිටයි.

මා නැවතත් පවසන්නේ අද ලංකාවේ මුදල් අයකර තෘතිය අධ්‍යාපනය ලබා දීම සඳහා ආරම්බ කරන බොහෝ ආයතන වලට විරුද්ධව නැගීසිටීමක් සිදුවන්නේ ඒවා ඇරඹිය යුතුව තිබු කාලයේදී ආරම්ඹ නොවූ නිසාය. මීට දශක හත අටකට පෙර මෙම ආයතන බිහි වුනා නම් අද කවුරුවත් ඒ ගැන කථා කරන්නේ නැත. උදාහරණයක් ලෙස මුදල් ගෙවා ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපන ලබා දෙන පාසල් සහ මුදල් අය කර ආරෝග්‍ය ලබා දෙන රෝහල් මෙතෙක් කල් නොතිබී දැන් ආරම්බ කරන්න උත්සහා කළා යයි සිතන්න. එයට එරෙහිව මහා උද්ඝෝෂණ සහ මාරාන්තික උපවාස ඇති වනු ඇත. දැන් ඔබ මෙසේ සිතන්න. මෙම ආයතන දශක ගණනාවක් (සමහර සිය වසකටත් වැඩි කාලයක්) පුරා ලංකාවේ ලංකාවේ පැවතීමෙන් සිදුව ඇත්තේ නොහොඳක්ද? මෙම ආයතන වලින් අධ්‍යාපනය ලබා රටට ලෝකයට සේවය කළවුන් කොතරම්ද? එම රෝහල් වලින් රෝග සුවකරගත් ඇත්තන් කී ලක්ෂයක් ඇත්ද?

මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකි තෘතික අධ්‍යාපන ආයතන ලංකාවේ තිබුනා නම්?

Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-5885364961005295062016-01-23T19:58:17.225-08:002016-01-23T19:58:17.225-08:00ඔබ ඉදිරිපත් කරන කරුණු වලට මම ගරු කරමි. ඒවා බොහොමයක...ඔබ ඉදිරිපත් කරන කරුණු වලට මම ගරු කරමි. ඒවා බොහොමයක් අතිශයින් තර්කානුකුලය. එහෙත් මා ඉහත ලිපියෙන් දෙන පණිවිඩය ඔබ කියනා කාරණා වලට වඩා තරමක් වෙනස්ය.

මෙම ලිපියේ ප්‍රධාන අර්ථය වන්නේ මුදල් වැයකර ලබාගත හැකි තෘතික අධ්‍යාපන ආයතන රටක අධ්‍යාපන ව්‍යුහයේ තිබිය යුතු බවයි. එය පෞද්ගලිකද රජයේද යන කරුණ මට එතරම් වැදගත් නොවේ. එහෙත් ගාස්තු අයකිරීම හෝ නොකිරීම ඔබට වැදගත් නොවේ. අපගේ අදහස් වල ඇති පරස්පරය එතනයි.
අප මූලිකවම මුදල් අය කර අධ්‍යාපනය ලබා දීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගත යුතුය. ඔබගේ තර්ක අදාළ වන්නේ එතැන් සිටයි.

Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-619143219046578152016-01-03T23:26:06.765-08:002016-01-03T23:26:06.765-08:00වෛද්‍ය විද්‍යාල ගැනනම් මට කියන්න තිබෙන්නේ උදාහරනයක...වෛද්‍ය විද්‍යාල ගැනනම් මට කියන්න තිබෙන්නේ උදාහරනයක් ලෙස ඉන්දියාව ගන්න කියා. එය හොඳ නරක අතින් ලංකාවට කිට්ටු තැනක්.

කලකට පෙර ඉන්දියාවේත් වෛද්‍යවරුන් හිඟය නිසා ලොකු ගැටළු තිබුනා. ඒ නිසා රජය විසින් වෛද්‍ය විද්‍යාල වැඩි පුර ආරම්භ කරන්න ඉඩ දුන්නා. එයින් ප්‍රයෝජන ගත් ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් වෛද්‍ය විද්‍යාල හිතූමතේ පටන් ගත්තා. අද වන විට ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනය ඉතාම දූශිත එකක් වෙලා. වෛද්‍ය විද්‍යාල වලට පිලිගැනීම ලබා දීමට අල්ලස් ගත් නිසා ඉන්දියන් වෛද්‍ය සභාවේ සභාපතිවරයෙක් පවා අත් අඩංගුවට පවා ගත්තා. මේවා මම කියන කතා නොවේ. ඉන්දියන් මාධ්‍ය වල පවා පලවූ දේවල්.

http://www.thehindu.com/news/national/article429819.ece

http://www.reuters.com/investigates/special-report/india-medicine-education/

ලංකාවේ for-profit වෛද්‍ය විද්‍යාල වලට මම විරුද්ද වෙන්නේ දැනට ඒවා රජයේ මැදිහත්වීම නොමැතිව කල නොහැකි නිසා. ඔබතුමා කියන උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ( රාගම වෛද්‍ය පීඨය ) පවා සායනික පුහුනුව සඳහා රජය මත තමා යැපුනේ. මෙය මා දන්නා තරමට for-profit වෛද්‍ය විද්‍යාලයක් නොවේ. වෛද්‍ය උපාධියක සායනික පුහුනුව කියන්නේ එහි වැදගත්ම කොටස.

රජයේ රෝහල් ලබා දී මුදල් ගැනීම ගැන කියන්න තිබෙන්නේ නොකල යුතු දෙයක් ලෙස. එය හොඳනම් රජයට රෝහල් හා රෝගීන් clinical trial සඳහා ලබා දී මුදල් ගැනීමත් හොඳයි. මොකද clinical trial මඟින් නව බෙහෙත් වර්ග සොයා ගැනීමට හැකි නිසා රෝගීන්ට අවසානයේ සෙත සැලසෙන බවටත් තර්ක කල හැකි නිසා.

ඒ වගේම SAITM ආයතනය සම්බන්ද ඉතිහාසය ගත් විට මෙහි ප්‍රමිතිය කොතරම් දුරට බැලිය හැකිද යන ගැටළුව ඇති වෙනවා. මොකද මෙය පටන් ගත් කාලයේ මුලු සිට විවිද නීතිමය ගැටළු වලට මුහුන දුන්නා. උදාහරනයක් ලෙස කියනවානම් හි වෛද්‍ය පීඨයක් පටන් ගැනීම, රෝහල සඳහා අවසර ගැනීම, රෝහල ඉදිකිරීම යන සියල්ලම නිසි පිලිවෙලට නොකිරීම නිසා ගැටළු වලට මුහුන දුන්නා. වෛද්‍ය සභාවේ (SLMC) සභාපතිට ඉල්ලා අස් වෙන්නත් සිදු උනා. ඒ වගේම එහි සමාජිකයෙක් ගුටිත් කෑවා.

http://www.thesundayleader.lk/2012/01/08/the-fraud-perpetrated-by-saitm/

http://www.thesundayleader.lk/2013/06/23/saitm-deceiving-students-misleading-courts/

akahttps://www.blogger.com/profile/01562285588200053910noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-2906393371700336582016-01-03T23:24:58.705-08:002016-01-03T23:24:58.705-08:00ගාස්තු අය කිරීම හෝ නොකිරීම මට එතරම් වැදගත් දෙයක් ල...ගාස්තු අය කිරීම හෝ නොකිරීම මට එතරම් වැදගත් දෙයක් ලෙස පෙනෙන්නෙ නෑ. බොහෝ රටවල ජාතික හෝ මහජන (public/national) වි.වි. මුදල අය කරනවා. එසේ මුදල අය කරන වි.වි. වලත් අති දක්ෂයන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා. දැනට මට වි.වි. වල තිබෙන කෙටි අත්දැකීමෙන් පවා නිදහස් අධ්‍යාපනයේ සීමා හා දුර්වලතා දැක තිබෙනවා. එය නොමිලේ සියල්ලන්ටම පිදිය යුත්තක් නොවේ.

UGC අධීක්ෂනය මම වැඩි පුර කියන්නේ නැහැ. නමුත් මගේ හැඟීම දැනට එය දුර්වල බව.

උපාධි accredit කිරීම අනිවාර්යෙන්ම කල යුතු දෙයක්. එයට ජාතිකද, පුද්ගලිකද , ලාභ උදෙසා වන වි.වි. ක්ද කියන එක වැදගත් නෑ. අධීක්ෂනයෙන් තොරව උපාධි ලබා දෙන ආයතන diploma mill වෙනවා. නමුත් යම් ආයතනයක් පාලනය කිරීම හා මුදල දෙන ආයතනයම තත්ව පරීක්ෂා කිරීමත් කිරීම එතරම් සාර්ථක දෙයක් නොවේ. මේක මගේ අදහසක් නොවේ. සාමාන්යෙන් ලෝකෙ තිබෙන මතයක්.

ඒ වගේම SAITM වැනි ආයතන SLIIT ආයතනයත් සමඟ එක මට්ටමට දැමීමට මටනම් හේතුවක් පෙනෙන්නේ නෑ. SLIIT ආයතනය මම දන්නා තරමට ලාභ නොලබන (not-for-profit) ආයතනයක් ලෙස පවතින එකක්. SAITM ආයතනය කියන්නේ මම දන්නා තරමට එහි අයිතිකරුට ලාභ උපයන ආයතනයක්.

මම මුලින් කිව්වා සේ ලාභ උදෙසා වන වි.වි. (for-profit university) වලින් කිසිම එකක් කිසිම academic ranking system එකක හොඳ academic ranking එකක් නෑ. බොහෝ ඒවා rank වෙන්නේ පවා නෑ. එක්සත් ජනපදයේ පවා ලාභ උදෙසා වන වි.වි. සම්බන්ධයෙන් අති විශාල ගැටළු තිබෙන අතරම ඒ ගැටළු නිසාම ඒවා දැනට අඩු වෙමින් පවතින්නේ (in decline).

එසේම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හෝ ඕස්ට්‍රේලියාව වැනි රටවල් දියුනු වි ඇත්තේ හොඳ පර්යේෂන හා ඒ හා බැඳුනු කර්මාන්ත නිසා කීවොත් මේ කිසිම රටක ඒ දියුනුවට for-profit වි.වි මහා පරිමානයෙන් බලපා නෑ. එසේම මේ රටවල තිබෙන for-profit වි.වි දැනට පවා කරන්නේ වෘත්තීය සුදුසුකම් සඳහා අවශ්‍ය වන උපාධි ලබා දීම මිස පර්යේෂන කිරීම නොවේ.

ඔබතුමා මීට වෙනස් යතාර්ථයක් දන්නවා නම් එය උදාහරනත් සහිතවම සියලු දෙනාගේම දැන ගැනීම පිනිස ඉදිරිපත් කල හැකියි. ඒ කියන්නේ උදාහරන ලෙස ඉතා හොඳ academic ranking සහිත for-profit වි.වි. ගැන ලිපියක් වැනි දෙයක්. එවිට එය වි.වි. උදෙසාත් අනුබලයක් වේවි.

එසේම බොහෝ රටවල අධ්‍යාපනය කියන්නේ සෑහෙන දුරට තමන්ගේ ආර්ථික තත්වය මත රඳා පවතින දෙයක් බවත් මා දන්නවා. දක්ෂතාව තිබුනත් මුදල් නොමැතිනම් ( මෙය එක එක්කෙනාට සාපේක්ෂයි. මම මේ කියන්නේ පාසැල් යන්නවත් මුදල් නොමැතිව අය ගැන ) ලංකාවේ පවා අධ්‍යාපනය අසීරුයි. එසේම දුප්පතුන් සඳහා කොතරම් තුබුනත් ඒ හිල් අස්සෙන් වැටෙන අය සිටින බව හා අනාගතයෙත් වැටෙන බව මා දන්නවා. එය වලක්වන්න බෑ. එය තමා යතාර්ථය.

ලංකාවේ දැනට තිබෙන for-profit වි.වි. නිසා බොහෝ දෙනෙකුගේ ආර්ථික මට්ටම යහපත් වී තිබෙනවා. එයටත් විවාදයක් නෑ. නමුත් උසස් අධ්‍යාපනය පිලිබඳ කතාව අදාල විය යුත්තේ රටේ සංවර්ධනයට අදාලව.
akahttps://www.blogger.com/profile/01562285588200053910noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-57002190379529933352015-12-30T01:02:40.638-08:002015-12-30T01:02:40.638-08:00ඔබගේ අදහස් වලට බොහොම තුති. එය හොඳ සංවාදයකට ආරම්භයක...ඔබගේ අදහස් වලට බොහොම තුති. එය හොඳ සංවාදයකට ආරම්භයකි.

ප්‍රථමයෙන්ම කිව යුත්තේ ඔබ සඳහන් කරන බොහෝ (සෑම කීවත් නිවැරදිය) මහජන / ජාතික විශ්ව විද්‍යාලයක්ම සිසුන්ගෙන් මුදල් අය කරන බවයි. උදාහරණයකට ඔබ සඳහන් කරන University of California (Berkeley) හි ප්‍රථම උපාධිය සඳහා වන ගාස්තු චක්‍රය පහත දිගුවෙන් බලන්න.

http://admissions.berkeley.edu/costofattendance

මා රජයේ සහ පෞද්ගලික ලෙස විශ්වවිද්‍යාල වර්ග කිරීම කෙරෙහි දැඩි අකමැත්තක් දක්වන්නේද මේ නිසාය. එය බොහෝ දෙනා නොමග යවන සුළුය. රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය සන්තකය, රාජ්‍ය දායකත්වය, රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අධීක්ෂණය යටතේ විශ්ව විද්‍යාල පාලනය වීම වඩාත් ඵලදායකය. පුර්ණ පෞද්ගලික අංශයේ සරසවි පවා UGC අධීක්ෂණය යටතේ පැවතිය යුතු බව මගේ වැටහීමයි. නමුත් මේ ආයතන වලින් සියලු දෙනාටම නොමිලේ අධ්‍යාපනය දිය යුතු යැයි මා පවසන්නේ නැත. ඇත්තටම සියළු සරසවි නොමිලේ අධ්‍යාපනය ලබාදීම යනු හුදෙක් රට අගාධයකට ඇද දමන සංඛල්පයකි. මා එරෙහි වන්නේ එයටයි. මෙතෙක් එවන් අධ්‍යාපනයක් ලබාදීමෙන් අප රටට අත්වූ සෙතක් ඇත්දැයි කල්පනා කර බැලීම වටියි.

මා මෙහිදී බලන්නේ මේ ප්‍රශ්ණයේ විසල් දර්ශණය (big picture) දෙසයි. SAITM, වැනි ආයතන අධ්‍යාපනයේ නිදහස ( ) සමග ඇතිවන ප්‍රාථමික අවස්ථාවයි. මෙබඳු ආයතනවල බොහෝ අඩු පාඩුකම් ඇති අතර එම වැරදි නිවැරදි කරගැනීමට සටන් වැදීමේ කිසිඳු වරදක් නැත. ඔබ සඳහන් කරන මුදල් අයකරන ඉහල ප්‍රමිතියේ මහජන / ජාතික / පෞද්ගලික විශ්ව විද්‍යාල දක්වා ගමන් කිරීමට යම් කාලයක් ගතවේ. නමුත් එහි ප්‍රාථමික අවධිය අප පසුකල යුතුය. මෙම SAITM / SLIIT යුගය අප පසුකල යුතුව තිබුනේ 80 / 90 දශක වලයි. එසේ නම් මේ වන විට අප NUS, Monash යුගයක ඉන්නට තිබුණි. අවාසනාවට එසේ සිදු වුයේ නැත.

මා ඔබට සුළු උදාහරණයක් දෙන්නම්. 80 දශකයේදී දී බිහි වූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැත්ත විරෝධයක් මතුවූ බැවින් එය රජයට පවරා ගෙන නොමිළේ අධ්‍යාපනය දීමේ තත්වයට පත් කළේය. එමගින් කී දහසකට නොමිළේ අධ්‍යාපනය ලැබුණා දැයි කියමින් සමහරුන් සතුටු වෙති. නමුත් මෙහිදී බොහෝ දෙනෙකුට අමතක වන්නේ එම නොමිළේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ දුප්පතුන් කී දෙනෙකු මත බර පැටවුනාද යන්නයි.

නොමිළේ අධ්‍යාපනය ඉල්ලා කෑගසන අයම ඒ වෙනුවෙන් බඩු මිල වැඩිවන විට, මාසේ අන්තිමට ලැබෙන බිල් පත් දෙස බලන විට නැවතත් මරහඬ තලති. සියලු දෙනාටම නොමිළේ අධ්‍යාපනය දිය හැකි තරම් මුදල් ඇත්නම් කිසිම රජයක් එය නොකර සිටිනු ඇතැයි මම නොසිතමි. එහෙත් ලංකාව වැනි රටක් දිවිය යුත්තේ අතිශයින්ම ඇහිරුණු මුදල් පසුම්බියකිනි. ඔබගේ පියාට ලැබෙන මාසික පඩිය මෙන් දෙගුණයක් ඔබ වෙනුවෙන් වියදම් කරන්න කියා ඔබ මොන තරම් අඬා වැලපුනත් වැඩක් වේද?

හැමදේම නිකම් දීපියව් කියා හඬ තැලීම වියත් නොවූ සමාජයක අනාගත දේශපාලකයෙක් වීමට ඇති කෙටිම මගයි. පසු කලෙක මේ හඬ තලන්නෝ බොහෝ දෙනෙක් නතර වන්නේ ප්‍රති විරුද්ධ තලයකයි. එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට පෙරමුණේ සිටි ක්‍රියාකාරී නායකයා අද SAITM හි උප කුලපතිවරයාය.

ඔබ යතාර්ථයෙන් බැහැරව සිටින තාක් කල් ලංකාව පසු පසට ඇදී යාම වැළකිය නොහැක.
Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-20825282829252673292015-12-25T07:29:24.639-08:002015-12-25T07:29:24.639-08:00ඇමරිකාවේ හෝ එක්සත් රාජධානියේ හෝ සාමාන්‍ය අර්ථයෙන් ...ඇමරිකාවේ හෝ එක්සත් රාජධානියේ හෝ සාමාන්‍ය අර්ථයෙන් පුද්ගලික විශ්ව විද්‍යාලය (private university) ලෙස හැඳින්විය හැකි ආයතන මා දන්නා තරමට ලංකාවේ නැත. නමුත් ලංකාවේ පුද්ගලික අධ්‍යාපනය ආයතන වලින් ලබා දෙන උපාධි බොහෝ විට බටහිර රටක (එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හෝ ඔස්ට්‍රේලියාව වැනි) private or public වි.වි. මඟින් ලබාදෙන උපාධි නිසා ඒවායේ ප්‍රමිතිය සාමාන්යෙන් දැඩිව පරීක්ෂා කෙරේ.

මා දන්නා තරමට බටහිර රටක ඇති for-profit වි.වි. උපාධි ලංකාවේ පුද්ගලික අධ්‍යාපන ආයතන මඟින් ලබා නොදේ. ප්‍රමිතිය නැති කල උපාධි ලබා දීමේ හැකියාව නැති කල අවස්ථා අසා ඇත.

මා දන්නේ තරමින් මෙහි සඳහන් තුන්වන කාණ්ඩයේ ලාභ ලබන විශ්ව විද්‍යාල විශාල ප්‍රමානයක් තිබීම මඟින් දියුනු වූ රටක් නැත.

ඉන්දියාව තුල ඒ තුන්වන වර්ගයේ වි.වි. (වෛද්‍ය විද්‍යාලද ඇතුලුව ) සෑහෙන තරමක් ඇති අතර ඒවායේ බරපතල ගනයේ ප්‍රමිති ගැටළු ඇත.

SAITM කියනවානම් private university ලෙස හඳුන්වන්න පුලුවන් එකක් නෙමේ. එය වැටෙන්නේ for-profit university යටතට.

for-profit university කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පවා එතරම් ජනප්‍රිය දෙයක් නෙමේ. එහිත් for-profit වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ එකක් පමනයි. ඒකත් ලඟදී පටන් ගත් දෙයක්.

නමුත් for-profit වෛද්‍ය විද්‍යාල ඉන්දියාවේ නම් සෑහෙන තිබෙන බවයි කියවෙන්නේ. නමුත් ඉන්දියන් වෛද්‍ය විද්‍යාල කියන්නේ ප්‍රමිතිය පිලිබඳ බරපතල ගැටළු ඇති තැන්.

ඒ වගේම for-profit වෛද්‍ය විද්‍යාල ලංකාවේ කරන්න පුලුවන්ද කියන ගැටළුව තිබෙනවා. වෛද්‍ය සභාවේ නිරීක්ෂන වලට අනුව SAITM වල සායනික පුහුනුව ඉතා දුර්වලයි. එහි රෝහලේ ඇදන් 800 තියනවා කියුවත් තිබෙන්නේ 200. එයට කොපමන රෝගීන් යනවාද කියන එකත් ගැටළුවක්. ඒ වගේම සාමාන්යෙන් පුද්ගලික රෝහල් වල රෝගීන් කැමති නැහැ වෛද්‍ය සිසුන්ගෙන් පරීක්ෂාවට ලක් වෙන්න.

මෙය නිසි ප්‍රමිතියට කරන්න නම් රජයේ රෝහල යොදා ගන්නම වෙනවා. වෙනත් වචන වලින් කියනවානම් මෙය රජයේ රෝහල් නොමැතිව කල නොහැකියි. රජය මත මෙතරම් රඳා පවතින ව්‍යාපාරයක් එතරම් සාර්ථක නැති බව කියන්නේ ඕන.

ඒ වගේම SAITM ආයතනය සම්බන්ද ඉතිහාසය ගත් විට මෙහි ප්‍රමිතිය කොතරම් දුරට බැලිය හැකිද යන ගැටළුව ඇති වෙනවා. මොකද මෙය පටන් ගත් කාලයේ මුලු සිට විවිද නීතිමය ගැටළු වලට මුහුන දුන්නා. උදාහරනයක් ලෙස කියනවානම් හි වෛද්‍ය පීඨයක් පටන් ගැනීම, රෝහල සඳහා අවසර ගැනීම, රෝහල ඉදිකිරීම යන සියල්ලම නිසි පිලිවෙලට නොකිරීම නිසා ගැටළු වලට මුහුන දුන්නා. වෛද්‍ය සභාවේ (SLMC) සභාපතිට ඉල්ලා අස් වෙන්නත් සිදු උනා.

http://www.thesundayleader.lk/2012/01/08/the-fraud-perpetrated-by-saitm/

http://www.thesundayleader.lk/2013/06/23/saitm-deceiving-students-misleading-courts/

ලංකාවේ රජයේ වි.වි. ගතහොත් ඒවායේ මුදල් වෙන් කිරීම පිලිබඳ ගැටළු තිබෙනවා. රැකියා වෙළඳපොල ඉලක්ක නොකල පාඨමාලා නිසා විශාල මුදල් ප්‍රමානයක් අපතේ යනවා. ඒ වගේම විවිධ පීඨ හා උපාධි පාඨමාලා විශාල ලෙස පටන් ගැනුනත් ඒ සඳහා අචාර්ය වරු සොයා ගැණීමට ලොකු උනන්දුවක් නෑ.

ඒ වගේම පර්යේෂණ සඳහා හොඳ උනන්දු කිරීමක් නැහැ (මේ ගැන් ඉතා දීර්ඝව ලිවිය හැකියි ). උදාහරනයක් ලෙස ඒ සඳහා මුදල් ලබා ගැනීම අසීරුයි. ලෙස හොඳ h-ඉන්ඩෙක්ස් එකක් ලබා ගැනීම සඳහා බොහෝ විට හොඳ පිලිගැනීමක් සහිත conference එකක හෝ journal එකක පත්‍රිකාව පලකල යුතුයි. නමුත් එවැන්නක් සඳහා වියදම් සොයා ගැනීම අසීරුයි. akahttps://www.blogger.com/profile/01562285588200053910noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-26337644693071220292015-12-25T07:29:01.123-08:002015-12-25T07:29:01.123-08:00ප්‍රධාන වශයෙන්ම උපාධි ලබාදෙන ආයතන වර්ග තුනක් ලෝකයේ...ප්‍රධාන වශයෙන්ම උපාධි ලබාදෙන ආයතන වර්ග තුනක් ලෝකයේ ඇත.

ඒවානම්,
1. Public / Naional University හෙවත් මහජන / ජාතික විශ්ව විද්‍යාල
මහජන වි.වි. යනු බොහෝ විට රජයේ (මහජන ) මුදල් මඟින් නඩත්තු කරනු ලබන අතර ජාතික වි.වි. යනු මහජන මුදලින් නඩත්තු කරන අතරම රජයේ සෑහෙන කොට මැදිහත්වීම් ඇති වි.වි. වේ. ලෝකයේ මේවාට උදාහරන ලෙස University of California (Berkeley), University of Illinois at Urbana–Champaign, National University of Singapore ආදිය හැඳින්විය හැක. ඉතා ඉහල අධ්‍යාපන ශේණි ගතකිරීම (accadamic ranking) වල ඇති මහජන / ජාතික විශ්ව විද්‍යාල විශ්ව විද්යාලතිබේ.

2. Private University හෙවත් පුද්ගලික විශ්ව විද්‍යාල

මේවා ලාභ නොලබන පුද්ගලික ආයතන වේ. ඒවාට අයිතිකාරයෙක් නැත. කොටස් හිමියන්ද නැත. ලබන ආදයම එම ආයතයේ ඉදිරියට මිස කිසිවෙකුටත් ආදයමක් නොවේ. ලෝකයේ මේවාට උදාහරන ලෙස MIT, Harvard, Stanford University ආදිය හැඳින්විය හැක. ඉතා ඉහල අධ්‍යාපන ශේණි ගතකිරීම (accadamic ranking) වල ඇති පුද්ගලික විශ්ව විද්‍යාල තිබේ.

3. For-profit/proprietary university හෙවත් ලාභ ලබන විශ්ව විද්‍යාල

මේවා ලාභ ලබන ව්‍යාපාරික ආයතන වේ. උදාහරනයක් ලෙස University of Phoenix ගත හැක මෙය සිසුන් 300, 000 පමන ඇති ආයතනයක් වන අතර එහි අයිතිය Apollo Group Inc. නැමැති පොදු සමාගමට (PLC) අයත් වේ .

මේවායේ අධ්‍යාපන ශේණි ගතකිරීම (accadamic ranking) තිබේනම් ඒවා පහල මට්ටමක ඇත. උදාහරනයක් ලෙස University of Phoenix යන්න QS, ARWU, Times Higher Education World University Rankings යන අධ්‍යාපන ශේණි ගතකිරීමේ පද්ධති තුල විශ්ව විද්‍යාලයක් ලෙසවත් නොපෙන්වයි. මෙය සිසුන් 300, 000 පමන ඇති ආයතනයක් වන අතර එහි අයිතිය Apollo Group Inc. නැමැති පොදු සමාගමට (PLC) අයත් වේ . akahttps://www.blogger.com/profile/01562285588200053910noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-21006247010811269862015-12-24T20:50:58.623-08:002015-12-24T20:50:58.623-08:00නිකන් දෙන විට කොයි දේත් අගයක් නැත. ගෙවලා ඉගන ගන්න ...නිකන් දෙන විට කොයි දේත් අගයක් නැත. ගෙවලා ඉගන ගන්න වුනානම් මිනී පෙට්ටි ලොවෙත් නැත..ඒ දවස්වල උදුල්ලා යටිගිරියෙන් බෙරිහන් දෙන විට අපට හිතුනේ ඔවුන් ආණ්ඩුවටත් වඩා උඩින් ඉන්නවා කියාය..නිකන් ඉගන ගන්නා විවි සිසුන් එ් තරම් චන්ඩින්ය, කෙරුමන්ය. ඔවුන් ඉගන ගැනීම හැර හැම දෙයක්ම කරනනේදෝයි අපට සිතුනි. ඔවුන් නිසා අධ්‍යාපනය කඩාකප්පල් වූ හෝ අතර මගදී හැර ගිය කී දෙනෙක්දැයි හරියටම කිව නොහැකි නමුත් එහෙම පිරිසක් ඇති බවට සහතිකය..

නිකන් දෙන අධ්‍යාපනයට විනය මාලාවක් සකසන ගමන්ම හැකියාව ඇත්තන්ට ගෙවා ලබා ගත හැකි අධ්‍යාපනයක් තිබිය යුතුමය. වෛද්‍යවරුන්, ඉන්ජිනේරුන්, ගුරුවරුන් පමනක් තනනු වෙනුවට ලෝකය සමඟ ඉදිරියට යා හැකි නවීන ලෝකයට අවැසි වෘතීකයන් තනන විවි පද්ධතියක් රටට අවැසිය...

සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-62058796181501983062015-12-24T09:18:53.352-08:002015-12-24T09:18:53.352-08:00ස්තුතියි මා විසින් පලකල අදහසට පිළිතුරු සැපයීම සම්භ...ස්තුතියි මා විසින් පලකල අදහසට පිළිතුරු සැපයීම සම්භන්ධව ..

මා කොළඹ වි වි හි සේවය කල වකවානුවේ මා විසින් විනෝදය පිණිස නිර්මාණය කළා වූ භූමිතෙල් වලින් ධාවනය වන මොටර් රථයේ පැන නැගුනු දෝෂ කිහිපයක් නිරාකරණය කරගැනීමට ඔබතුමාගේ බුද්ධිමය දායකත්වය නොමසුරුව ලබාදීමට ඉදිරිපත්වූ ඔබතුමා අනෙකුත් ආචාර්යවරුන්ගෙන් වෙනස් ගනයේ පුද්ගලයෙක් වශයෙන් හඳුනාගතිමි.

මමත් ඔබතුමාට උදාහරණයක් වශයෙන් යමක් කියන්න කැමතියි. මම භෞතික විද්‍යා අංශයේ සේවය කරපු කාලයේ එහි සිටි නරකම කාර්මික නිලධාරියා වුයේ මමයි. එහෙත් වසර පහක ඇමෙරිකා එක්සත් ජනපදයේ සේවා කාලය තුල මා සේවය කරන ආයතනයේ දක්ෂතම කාර්මිකයා සහ හොඳම සේවකයා වෙනුවෙන් සම්මානයකින් සහ මුදල් ත්‍යාගයකින් මා පිදුම් ලැබුවා පහුගිය වසර වෙනුවෙන්. මා ලංකාවේදී නරකම සේවකයා වීමටත් මෙහිදී හොඳම සේවකයා වීමටත් හේතුව සොයා බලා මිනිසුන්ගේ ගුණාත්මක භාවය සහ කාර්ක්ෂම භාවය වැඩිකරගනීමට බුද්ධිමත් පාලකයන් ලංකාවේ විරල වීම එයට හේතුව වශයෙන් මම දකිමි. එහිම තවත් පලයක් වශයෙන් ඔබතුමා වැනි උගත් බුද්ධිමත් පිරිසද ලංකාව හැරයාම අපගේ දරු පරපුරේ අවාසනාවයි. අධ්‍යාපනයට මෙන්ම රටටද සිදුවී ඇත්තේ උගත් බුද්ධිමත් නොවන පිරිසක් සියළුව ශේස්ත්රහි ලොකු පුටු වලට සහ පාලන තන්ත්රයට පත්වීම යයි මම දකිමි.

උගත්කම පමණක් කරපින්නාගෙන මම හරි න්‍යායෙන් මෝඩකම විදහාපාන ශ්‍රීලාංකීය උගත් පරපුරේ උගත් සහ බුද්ධිමත් යන භාවයන් දෙකම එක් පුද්ගලයෙකුට පිහිටීම ඉතාමත් දුර්ලභ බැවින්, කලාතුරකින් දකින්නට ලැබෙන උගත් බුද්ධිමත් පුද්ගලයකු වශයෙන් ඔබතුමාට අපගේ දරු පරපුර වෙනුවෙන් තව තවත් හඬ නගන්නට ශක්තිය දහිර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-60279474328822277662015-12-24T05:49:37.064-08:002015-12-24T05:49:37.064-08:00අචාර්ය චන්දිම මහතානෙනි,
ඉතාම කාලෝචිත හා රටට අවශ්...අචාර්ය චන්දිම මහතානෙනි,
ඉතාම කාලෝචිත හා රටට අවශ්‍ය කතිකාවතකි,
මේ ලිපිය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය යුතු අතර, විශේශයෙන් අධ්‍යාපන ක්ශේත්‍රයෙ ප්‍රවීනයෙකු මෙවන් අදහසක් එඩිතරව දැක්වීම නිසා එය සැලකීමට බඳුන් වනු ඇත.
ඔබතුමාගේ ව්‍යායාමයට ඉත සිතින් සුභ පතමි. මේ ලිපිය තවත් එක් අයෙකුගේ හෝ අවධානයට ලක් කිරීමට කල හැකි සියල්ල කරමි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-57049512358420424442015-12-23T23:49:28.655-08:002015-12-23T23:49:28.655-08:00මං කැම්පස් ගිය එකෙක් නොවෙමි. එනමුත් මට පේන විදිහට ...මං කැම්පස් ගිය එකෙක් නොවෙමි. එනමුත් මට පේන විදිහට මේ උද්ඝෝෂණ වලට හේතුව, උගතුන් වැඩිවීම හේතුවෙන් රැකියා වලට තරඟයක් ඇතිවේයැයි සිතෙන අනියත බියයි. ඒ වගේම පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිවීමත් සමග ඒවායේ අයිතිකාරයෝ සිය පාරිභෝගිකයන් වැඩිකර ගැනීමට රජයේ ලොක්කන්ට අල්ලස් දී රජයේ විශ්වවිද්‍යාල වසාදමවනු ඇතැයි සමාජගත බියයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-574597218138108782015-12-23T23:14:10.230-08:002015-12-23T23:14:10.230-08:00Free education vs freedom of education
http://www....Free education vs freedom of education
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=43725Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-62919194602392301072015-12-23T18:52:07.103-08:002015-12-23T18:52:07.103-08:00ඔබේ අදහසට සහ blog follower ගැන කියා දුන්නාට ස්තූත...ඔබේ අදහසට සහ blog follower ගැන කියා දුන්නාට ස්තූතියි. සමහර කාල වකවානු සහ පරිසර පද්ධති තුල නිහඬව සිටීම බොහෝ යහපත් ප්‍රතිඵල ගෙනදෙයි. ඔබ කියනා දෙය සත්‍යයක්. රට දියුණු කිරීමට අපගේ උගත් පරපුරෙහිද ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ.

මා කෙටි උදාහරණයක් දෙන්නම්. මැලේසියාවේ මා සේවය කරන සරසවියේ සිටින ඉතා ඉහල තාක්ෂණ දැනුමක් ඇති තරුණ අනධ්‍යන සේවකයන් දෙදෙනෙක් මා මෙහි පැමිණ වසර හතරක් පමණ වන විට මගේ අවධානයට යොමුවිය. ඔවුන් දෙදෙනා සමග දීර්ඝ කාලයක් සාකච්චා කිරීමෙන් පසු කෙසේ හෝ ඔවුන් PhD උපාධියක් දක්වා ගෙන යාමට මම ඔවුන් පොළඹවා ගත්තෙමි. මෙය ඔවුන් සිහිනෙන් වත් බලාපොරොත්තු නොවූ දෙයකි. දැන් ඔවුන් විශ්ව විද්‍යාලයේද අනුග්‍රහය සහිතව තම ප්‍රථම උපාධියේ අවශ්‍යතා කිහිපයක් සපුරා ගනිමින් සිටිති. කෙදිනක හෝ මේ පර්යේණාගාර සහකරුවන් දෙදෙනා ආචාර්යවරුන් වනු ඇත. එවන විට මා කොහේ සිටිදැයි නොදනිමි. එහෙත් එහි යහ ප්‍රතිඵල මැලේසියාවට ලැබෙනු ඇත. මේ ක්‍රියාවලිය මා කොළඹ විශ්ව විද්‍යාලයේ සිදු කරන්න උත්සහ කළා නම් මගේ රැකියාවද අහිමි වීමට ඉඩ තිබුණි. Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-6855070613869762782015-12-23T09:32:45.187-08:002015-12-23T09:32:45.187-08:00ඔබතුමාගේ බ්ලොග් එක ඇස ගැටුනේ අද. මම ඔබතුමාව පුද්ගල...ඔබතුමාගේ බ්ලොග් එක ඇස ගැටුනේ අද. මම ඔබතුමාව පුද්ගලිකව දන්නේ කොළඹ වි විද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ හිටපු කාලයේ ඉඳන්. එවකට දැකපු ඔබතුමා සහ දැන් දකින ඔබතුමා අතර ලොකු වෙනසක් මම දකිනවා. එහෙම කියන්න හේතුව එවකට ඔබතුමා මෙහෙම හඬක් නොනගපු නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු පුද්ගලයෙක් නිසා. සැමටම හැකි අයුරින් අද්යාපන ලැබීමේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්න ඉදිරිඅත්වීම ගැන ඔබතුමාට හදවතින්ම ස්තුතියි. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඇතුලේ තියන සීතල යුද්දය සහ වැඩවසම් ක්‍රමය නිසා දක්ෂ ගුරුවරුන් අපේ විශ්වවිද්‍යාල දරුවන්ට අහිමිවීම ගැනත් හඬක් නැගිය යුතුයි කියල මම යෝජනා කරන්න කැමතියි ඔබතුමාට.

මේ බ්ලොග් එකට blog follower එක එල්ලුවොත් ඔබතුමා ලියන හරවත් දේවල් මගහැරෙන්නේ නැතුව කියවන්න ලේසියි අපිට. මමත් කාලයක් ඔබතුමාගේ අධීක්ෂණය යටතේ රැකියාව කරපු කෙනෙක්. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-83322834725216265952015-12-23T08:18:28.538-08:002015-12-23T08:18:28.538-08:00ඔබ සියලු දෙනාටම දැක වූ අදහස් වලට බොහෝ සෙයින් තුති ...ඔබ සියලු දෙනාටම දැක වූ අදහස් වලට බොහෝ සෙයින් තුති පුදමි Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-77254526513479985752015-12-23T08:16:53.394-08:002015-12-23T08:16:53.394-08:00Thanks a lot RaviThanks a lot RaviChandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-67936331546286042482015-12-23T06:48:41.028-08:002015-12-23T06:48:41.028-08:00නිදහස් සිතුවිලි බ්ලොග හරහා පැමිණියෙමි.
බොහොම ස්තූත...නිදහස් සිතුවිලි බ්ලොග හරහා පැමිණියෙමි.
බොහොම ස්තූතියි ඔබට.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-460778933592392432015-12-23T01:49:00.578-08:002015-12-23T01:49:00.578-08:00Great article. Great article. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-75466271670007922852015-12-23T01:26:20.737-08:002015-12-23T01:26:20.737-08:00බොහොමත්ම ස්තුතියි..බොහොමත්ම ස්තුතියි..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-17599285142533215182015-12-23T01:23:19.819-08:002015-12-23T01:23:19.819-08:00අතිශය තර්කානුකූල අගනා ලිපියක්... මෙය ජනතාව අතරට යා...අතිශය තර්කානුකූල අගනා ලිපියක්... මෙය ජනතාව අතරට යායුතුයි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-85764930123063299402015-12-23T01:05:07.610-08:002015-12-23T01:05:07.610-08:00ගොඩක් හොඳ ලිපියක්, පත්තරේක පල කරන්න තිබ්බ නම් වඩා ...ගොඩක් හොඳ ලිපියක්, පත්තරේක පල කරන්න තිබ්බ නම් වඩා වටිනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com