tag:blogger.com,1999:blog-7057482407804887706.post6727046588333157739..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: ගං වතුරෙන් ගැලවීමක් නැද්ද .... මේ ඉහළ සිට පහලට සිටින ඇත්තන්ට Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7057482407804887706.post-59611653501739344592017-05-30T07:57:48.302-07:002017-05-30T07:57:48.302-07:00ප්‍රජා මූල කාළගුණ අනාවැකි ආයතන (ගං වතුරේ උගත් පාඩම්...ප්‍රජා මූල කාළගුණ අනාවැකි ආයතන (ගං වතුරේ උගත් පාඩම්)
පැය 24 ක වැස්සකින් 180කට වඩා මරු දැකීම රටක් ලෙස අපගේ (රජය, නිළදාරීන් සහ ජනතාව ) අසමත් කම නැවත වරක් පෙන්වා දී ඇත. ආපදාවෙන් පසු විපතට පත් වූවන්ට සහන සැලසීමේ රටේ ක්‍රියාකාරිත්වය සතුටු විය හැකි වුවත් කණගාටුවට කරුණ නම් ඊළඟ ගං වතුරේදීවත් විපත අඩු කර ගැනීමට අප යමක් ඉගෙන නොගැනීමයි. මුලින්ම අප අපෙන් ඇසිය යුතු ප්‍රශ්න නම්,
- ගිය අවුරුද්දේ ගං වතුරෙන් අපි උගත්තේ මොනවාද ?
- ආපදා පූර්වෝකථනයේදී අදාළ ආයතන වල (කාළගුණ වි.දෙ., ආපදා ක.ම.) මැදිහත් වීම ප්‍රමාණවත් ද?
- අනතුරු ඇඟවීම් වලට ජනතාවගේ අවදානය ප්‍රමාණවත්ද ?
- ආපදාවෙන් පසු සහන යාන්ත්‍රණය ශක්තිමත් ද? …..යනාදියයි.
නමුත් අදාල නිළදාරීන්ගේ මාධ්‍ය ප්‍රකාශ වලින් මේ ප්‍රශන වලට උත්තර ලැබෙනවාට වඩා සිදු වන්නේ ප්‍රශ්නාවලිය තවත් දිගු වීමයි. උදාහරණ ලෙස, කාළගුණ නිළධාරීන්ම පවසන පරිදි, කාළගුණ තොරතුරු එක් රැස් කිරීමේ ස්ථාන 400 ක් ඇතත් දිනපතා තොරතුරු වාර්ථා වන්නේ ස්ථාන 180 කින් පමණි. වෙනත් විදියකින් කියනවානම් දැනට සිදු වන්නේ කුඩා, එක, වර්ෂා මානයකින් වර්ග කිලෝමීටර 300ක විතර තොරතුරු ආවරණයයි. ඉතින් දත්ත එකතු කිරීම අතින් අපි අසමත්. නිවැරදි ඉතිහාස දත්ත නැතිව කොහොමද හරි පුරෝකථනයක් කරන්නෙ.
අනෙක් අතට ආපදා කළමණාකරන මධ්‍යස්ථානයට හැකියාව ඇත්තේ ප්‍රා. ලේ. මට්ටමින් අනතුරු ඇඟවීමටයි. මා ජීවත් වූ යක්කලමුල්ල ප්‍රාදේශීය තුල පමණක් මධ්‍යම කඳු වැටි විස්සකට වඩා තියෙනව. ගිං ගඟේ පෝෂක ජල මාර්ග බොහොමයක් තිබෙනවා. කවදාද අපට පුළුවන් වෙන්නෙ කඳු මට්ටමින් (උදා: කොට්ටව කන්ද, ඇත්ගාලවෙල කන්ද ලෙස ) නාය යෑම් අනතුරු නිකුත් කරන්න. නැත්නම් වාරි මාර්ග මට්ටමින් ගං වතුර පුරෝකථනය කරන්න. කවදද අපට පුළුවන් වෙන්නෙ වර්ෂාපතනයට සමරූපීව, සමෝච්ඡ රේඛානුගත, ගංවතුර සිතියමක් හදා ගන්න.
පැහදිලිවම පෙනෙන දෙයනම් තවදුරටත් අපට සීමිත (සීමිත සම්පත්, සීමිත උනන්දුව සහිත ) ආයතන ටිකක් මතම යැපිය නොහැකි බවයි.
ඉතිං අපි මොකද කරන්නෙ ?
මාගේ යෝජනාව සියළුම පාසැල් මගින් කාළගුණ තොරතුරු එක් රැස් කිරීමේ කාර්ය සිදු කර ගැනීමයි. දැනට ලංකාවේ පාසල් 10,000 කට වඩා ඇති බැවින් මෙමගින් සියළුම ගම්මාන ආවරණය වන පරිදි තොරතුරු එකතු කළ හැක. මේ සඳහා අමතර වියදමක් හෝ ශ්‍රමයක් අවශ්‍ය නොවේ. හිස් බෝතලයකින් සරල වර්ෂාමානයක් සදා ගත හැක ( රූපය බලන්න ). උෂ්ණත්වමානයක් සහ අනිලමානයක් ඉතා සුළු මුදලකට ගත හැක. දත්ත සටහන් කිරීමට 7 වසරේ විද්‍යා ගණිත දැනුම හොඳටම ප්‍රමානවත්ය. සෑම විදුහලකම වාගේ පරිගණක ඇති බැවින් දත්ත පිළිවෙලකට එක් කළ හැක.
දත්ත එකතු කිරීම පමණක් ප්‍රමාණවත් නැත. මේ දත්ත විශ්ලේෂණය දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයකට ස්වේඡාවෙන් කළ හැක (උදා: ගල්ලේ හපුගල පීඨය ). මෙමගින් දිවයින පුරා කාලගුණ දත්ත එකතු කිරීමේ ස්ථාන 10,000 කට ආසන්න ප්‍රමාණයක් සහ තොරතුරු විශ්ලේෂණය කිරීමේ ස්ථාන 25+ ක් පිහිටුවා ගත හැක.
සරලව පටන් ගෙන ගම්මාන මට්ටමින් වර්ෂාපතනය, ගං වතුර, නාය යෑම් ආදිය දක්වා තොරතුරු මෙමගින් එක් රැස් කල හැක. අවුරුදු කිහිපයක් ක්‍රියාත්මක කිරීමෙන් තම ගම්මානයේ ආපදා ගැන ගමේ පාසලට ම පුරෝකථනය කල හැකි වනු ඇත. ඉතින් මෙයට ප්‍රජා මූල කාළගුණ අනාවැකි ආයතන නොකියා කොහොමද. කා. වි. දෙ. ට මේ සියල්ලට ඉහලින් හිඳිමින් වඩාත් ඉහළ සේවාවක් දිය හැකි වනු ඇත.
අවශ්‍ය වන්නේ ඕනෑ කම සහ පාසලකින් දිනකට විනාඩි තුනක් පමණි. දිනක වැස්සට 180ක් බිලි දීලාත් අපි යමක් උගෙන ගන්නේ නැතිනම්, අපි තරම් පහත් ජාතියක් ලොවෙත් නැත.
- රුවන් විජේමාන්නRuwan Wijemannehttps://www.blogger.com/profile/01408510505642330323noreply@blogger.com