tag:blogger.com,1999:blog-7057482407804887706.post3464478301858894423..comments2024-03-03T02:24:53.935-08:00Comments on Chandima Gomes: මෝක්ෂය මෙයයි. නිර්වාණය කුමක්ද? Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7057482407804887706.post-12858969928920107832022-08-03T19:50:10.992-07:002022-08-03T19:50:10.992-07:00දවසක් දා
නොනගත රාත්‍රියක්
ඇවිත් තිබුණා
හැමදාටම නවත...දවසක් දා
නොනගත රාත්‍රියක්
ඇවිත් තිබුණා
හැමදාටම නවතීවි
යැයි මට සිතුනා..!!

ඒක දවසක් ද මොහොතක් ද තත්පරයක් ද කල්පයක් ද කියන්න මම දන්නේ නෑ. මම තාමත් දන්නේ නෑ ඒ කාලේ කොහොම ගත වුණාද කියලා. කාලය කියන්නේ ගත වෙන දෙයක් ද මම හිතුවා. තෙල් පෝලිමක් වගේ ජීවිතය ඔහේ නතර වෙලා. සුපර්මාකට්ටුවක රාක්කයක් වගේ ජීවිතේ හිස් වෙලා. බඩ ගින්නක් දැනෙන්නේ නෑ හරියට ආර්ථික අර්බුදය බඩ තේරුන් අරගෙන වගේ.

ඒත් ඇග හැමතැනම පලු මතුවෙලා. කසන්න ඇති. මම පස්සේ එහෙම හිතුවා. කසනවා කියන්නෙත් සැපක් නෙව. කෑලි ගැලවෙන්න කසන්න පුලුවන්. ඉසියුම් කේෂනාලිකාවලින් ලේ එළියට එනකොටත් කසන්න පුලුවන්නම්..

ඔව්.. ඇත්තටම කාලය ගත වෙන්නේ නෑ.

මම පාරට බැස්සා ඉර බැහැගෙන ගියාද කියන්න මට තේරුමක් නෑ. ඒත් ආපස්සට එනකොට තැනින් තැන විදුලි බුබුළු දැල්වෙලා තිබුණා. මිනිස්සුත් පාරේ නෑ, උන් ගෙවල්වලට රිංගලා වෙන්න ඇති.. මම හිතුවා.

තෙල් පෝලිමේ ත්රීවිලර් එකක් අස්සේ තුන්සීය හතර ගහනවා. මම බලාගෙන හිටියා. ගල් බෝතලයක් හෙමීට හිස් වෙනවා. ඒකට කිසිම හදිස්සියක් නෑ. ඒකත් කාලය වගේ ගත වෙන්නේ නෑ. කැලතෙන්නේ නෑ. කැලතෙනවා නම් ගතවෙනවා කියලා අපිට දැනෙනවා.

මම රේල් පාර පැනලා බොරැල්ල දිහාට ඇවිද්දා. තෙල් පෝලිම ඉවරයක් නෑ. ඒකත් නැවතිලා. මිනිස්සු ඔහේ බලාගෙන ඉන්නවා. හිනාවක් නෑ. ඉනාවක් කාලාවත් ද? ඉසියුම් චලන ඉඟි කිසිත් නැති මූනු ඔව් ඒවා ගත වෙන්නේ නෑ. මම හිතුවා.
ඒ ගමන නින්ද යන්නේ නෑ. නින්ද නේන රැයක් ඉවර වෙන්නේ නැත්තං ඒ කියන්නේ හෙට උදාවෙයි කියලා බලාපොරොත්තුවක් නැත්තං ජීවිතේකට මොනාද වෙන්න පුලුවන්?

ජනේලය ඇරගෙන මූන එළියට වීසිකරගත්තාම ඈතින් කණාමැදිරි එළි ජනේල් කළුලු මන්දිරය ඔහේ බලාගෙන ඉන්නවා. ඊට ටිකක් එහායින් නෙළුම් කුලුන. ඔහේ බලාන ඉන්නයි තියෙන්නේ. සිගරැට්ටුවක් තිබුණනම්..

ඔන්න ආයෙත් පාරට වැටෙන්න හේතුවක්. කාලය ගත වෙන්නේ නැති නිමේශයක ජීවත් වෙන්න පොඩි හරි හේතුවක් සිගරැට්ටුවක දැවටිලා හරි එනවා කියන්නේ. ඩන්හිල් සුවඳ දැනෙන්න උනා. ඩන්හිල් රස එක්ක ස්ට්‍රෝබෙරි රසත් දිවග එහෙට මෙහෙට වෙනවා. මම ඔහේ ඇවිදිනවා. බොහෝ කඩ රාත්‍රියට හුස්ම ගන්න එක අමතක කරලා. කොහේද යන පූසෙක් මීයෙක් එක්ක නිනව් නැති සෙල්ලමක. උන්ට තියෙන ජීවිතේ.. පුහ්..!

මොකෝ කරන්නේ ?

මොනා කරන්න ද බලන් ඉන්නවා

තෙල් එයිද?

දන්නේ නෑ

දැන් කොහොමද මස් රස්සාව

මොනා වෙන්නද? ඌරා එළුවා එනවා අපි කපනවා සුද්ද කරනවා

මම කීවේ අඩුවක් නැද්ද

ආවොත් කපනවා එච්චරයි

ඒක ඇත්ත

දෙමටගොඩ හැමදාම මෙහෙමද?

ඔව් අපි දන්න කාලේ ඉඳලා මස් මැරුවා මුලු කොළඹටම මස් දුන්නේ මෙහෙන් තමයි

මස් මඬුව..

ඔව්..

මස් වත්ත කියලත් එකක් තියේනේ
ඔව් ඔය පාර තමයි ඒ..

ඩන්හිල් එකක් බොනවද?

බොමු..

අරං එන්නම්..

මම නැඟිට්ටා ආයෙත් ගමන. ගුවන් පාලම දිහාට. බේකරිය නම් ඇරලා. බනිසක් කනවානම් තැන. මාළු පාන් එකක් කන්න හිතුනා. ඉතිං මාළු පාන් එකක් කෑවා. ඔන්නොහේ ඩන්හිල් ඕනීනෑ කියලා ආයෙත් අනෙක් පාරෙන් ගෙදර එන්න පාරට වැටුණා.

පන්සල් හැමතැනම. නිවන තමයි හොයාගන්න නැත්තේ. මගේ නිවනත් අතුරුදන්. කොළඹ සීසීඩී එක ළඟට ගිහිං ටිකක් වෙලා ඉන්න හිතුනා. ඒකත් මරු තැන. බලං ඉන්න හිතෙන තැනක්. ගුහාවක්.

මේකේ ඇතුල මොනවගේ ඇද්ද? කෙළවර මොන වත්තටද මායිම් වෙන්නේ? වධකාගාරත් තියෙනවද? මම ඉතිං හිතනවා. ඔන්න ටිකක් මට මාව දැනෙන්න ගන්නවා. ගාර්ඩ් එකට ඉන්න දෙන්නා ඔහේ බලාගෙන. මාත් බලාගෙන. ජීවිතේ අපි අතරින් ලාවා වගේ ගලාගෙන යනවා. ඒක මිදෙන්න ඔන්න මෙන්න..!
මම ඉතිං ආයෙත් ගෙදරට එන්න පාරට වැටුණා. දැන්නම් ඉර ඇහැරිලා වගේ. නිදාගත්තෙත් නෑ නේද? මතක නෑ. ඇත්තටම ඇහැරලා ද හිටියේ? අනේ මන්දා..!

There she stood in the doorway
I heard the mission bell
And I was thinking to myself
This could be Haven or this could be Hell
Then she lit up a candle
And she showed me the way
There were voice down the corridor
I thought I heard them say

ඒක ලස්සන සිංදුවක්. කවුරු උනත් උදේට ඒවගේ සිංදු අහන එක හොඳයි. ඉන්ටර්ලෝග් ගල්කැටයම් උඩින් ගෙදරට ආවා. ඇත්තටම කොහේද ගියේ? මොනාද වුණේ? මට තේරෙන්නේ නෑ. ඒක නොනගත වෙලාවක්..!

ජීවිතේ නවාතැනක්
ආදරය මිහිරි සංගීතයක්
කෝ ඔබේ හඬ
ගයන්න උස් හඬින්
ජීවිතේ තව දුරක්...!!

ඒ අස්සේ සුරුට්ටුවක් හම්බ වුණා. මේකත් අහේතුක හමුවීමක්.. මින්ට් රස සුරුට්ටුවක්..!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-66084423464756589012022-08-02T01:40:35.012-07:002022-08-02T01:40:35.012-07:00රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්...රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ජනාධිපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජා.මු.අ. වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජා.මු.අ. සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ප්‍රමාද වූ මුත්, අගෝස්තු මාසයේදී ඇතිකරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී පැවසුවා. ජා.මු.අ. අනුමැතිය සැප්තැම්බර් මාසයේදී ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.

“එහෙන් සල්ලි ගත්තහම හිතන්න එපා ප්රශ්නය ඉවරයි කියලා. අපේ ණය බර තව වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ, වැඩි වැඩියෙන් විදේශ විනිමය ඕනෑ. අලුත් මාවත් ඕන, අපේ කෘෂිකර්මයේ නවීකරණයක් ඕනෑ. අපි මේ දිහා බලලා වැඩ කරනවාද, නැත්නම් සටන් පාඨ කියනවද? මෙතන ඉන්න පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ ගැන හිතලා තීරණය කරන්න ඕනෑ. මොකද අපි මේ අභියෝගය භාරගත්තේ නැත්නම් මේ රට නැති වෙනවා. ඊළග පරම්පරාව අපිට සාප කරනවා. අපි වැටෙනවද, නැගිටිනවද කියන එක අද අපිට තිබෙන අභියෝගයයි. අපි මේක භාරගෙන අලුත් ලංකාවක් හදනවද, ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරනවද, කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරනවද, අපි අපනයනයට බර වෙන ආර්ථිකයක් ඇති කරනවද? අපේ ගම්මාන නවීකරණය කරන්න ඕන. අපිට තාම ඩිජිටල් ආර්ථිකයක් නැහැ. “

1977 දී ආරම්භ කරන ලද ආර්ථිකයේ කාලය දැන් අවසන් බවත්, වර්තමාන සිද්ධි සමග එම ආර්ථිකය කඩාවැටී ඇති බවත් අලුතින් සිතා ඉදිරියට යා යුතු බවත් ඔහු පෙන්වාදුන්නේය..

“අපේ පළමු යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි. කොයි පක්ෂයේ වුණත්. මම කිසි දවසක ගෙවල් ගිනි තියන වැඩවලට එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට ඒ නිසා අපේ මිත්‍රකම් නැති කරගන්න වුවමනා නැහැ. අපි අලුතින් හිතලා, අලුතින් ඉදිරියට යන්න ඕන. ඒ පණිවිඩය ගමට ගෙනියන්න ඕන. අද ගම හිස්. පොදුජන පෙරමුණෙන් වුණත්, එක්සත් ජාතික පක්ෂයෙන් වුණත් නිශ්ශබ්ද වෙලයි ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන්නේ? ආණ්ඩු බලය අපේ අතේනේ. අපි එකතුවෙලා මේ පණිවිඩය දෙමු.
මම ඒකයි හැම පක්ෂ නායකයෙකුටම ආරාධනා කළේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. එය රටේ ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය. එය සියලුදෙනා පිළිගන්නා දෙයක්. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ. කොළඹ සමහර අය වාද කරයි, ඒත් ගමේ ඒක නැහැ.

“මෙතන එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ කණ්ඩායම් දෙකම ඉන්නවා. ඒ ගැන කතා කරන්න. මම කැමතියි මම ආවහම මේ ශාලාවේ ඉතිරි කොටසත් පිරිලා තියෙනවට. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්, කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන්, බැරිද මේ අයවත් අරන් එන්න. මේක මේ එක්සත් ජාතික පක්ෂයටයි, පොදුජන පෙරමුණටයි සීමා කරන්න වැඩක් නැහැ. ඡන්දයට වෙනම එන්න ඕනනම් ඒක වෙනම එකක්. ඒක පස්සේ කතා කරමු. අද ගමේ ඉන්නවා කන්න නැති අය, රැකියා නැති අය, ඒ ගැන හොයලා බලමු. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා, ඒ ගැන අලුත ක්‍රමවේදයක් අපි ඊළඟ සති දෙක තුළදී දැනුම් දෙනවා කියලා මම කියන්න කැමතියි.”

පිළිගත හැකි මහේක්ෂ ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරන තෙක් ශ්‍රී ලංකාවට අලුත් මූල්‍යාධාර ලබානොදෙන බව පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පැවසීය. මෙය දැනට සිදුකෙරෙන ව්‍යාපෘතිවලට අදාළ වන්නේ නැත.

වසර 20 කට පසු එනම් 2002 අගෝස්තුවෙන් පසු ශ්‍රී ලංකාවේ වෙළද ශේෂයේ අතිරික්තයක් වාර්තා කිරිමට සමත් විය. මේ අතර, පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සංචාරක ආදායම්වල වර්ධනයක් ද, 2022 මැයි මසට සාපේක්ෂව විදේශ ප්රේෂණයන්ගේ වර්ධනයක් ද පෙන්නුම් කර තිබේ.

- පුටා ගැනීම අජිත් පැරකුම් ජයසිහයන්ගේ ලියමනකින්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-71996687159492023382022-08-01T09:12:17.809-07:002022-08-01T09:12:17.809-07:00ඔබ සමග එකඟයි ඔබ සමග එකඟයි Chandima Gomeshttps://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comtag:blogger.com,1999:blog-7057482407804887706.post-57665393102283303562022-08-01T02:57:02.238-07:002022-08-01T02:57:02.238-07:00'මමද ඔබමය' කියනවාට වඩා හා මාද, ඔබද දෙවියන්...'මමද ඔබමය' කියනවාට වඩා හා මාද, ඔබද දෙවියන්ද එකමය කියනවාට වඩා ගැලපෙන්නෙ 'මමද ඔබද විශ්ව ජීවයේ කොටසක්ය' යන කියමන නේද. හරියට රන් ගොඩේ එක එක කැබලි වාගේ. අවසානයේ අප සියල්ලන්ගේම පූර්ණත්වය ඒකත්වය බවයි අද්වෛතයේ සඳහන් වෙන්නෙ.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.com