Saturday 2 March 2019

නොදුටු සිහිනය



හිමිදිරියේ නෙත ගැටුනු
බිඳේ යැයි සිත කියූ
දෝතින් නොගත් සුමුදු පිනි බිඳක්

හිරු පහස ලද සැනින්
වියැකෙනා බව නොදත්
හදවතක් ඉකි බිඳී කල්පයක්

අකුරු වැල් යා නොකළ
පෙම්දමක මුතු පබළු
ආ මගේ තැනින් තැන විසිරිලා

යස ඉසුරු පුද පඬුරු
ජය නාද පසුකරන්
මළ හිරුත් සිතිජයට ලංවෙලා

යකඩ වන් සිත් පවා
බිඳ වැටෙන සන්ධ්‍යාවේ
නොදුටු සිහිනයක් නෙත සොයනවා

සත් සමුදුරෙන් එතෙර
ගිරි කදුරු සිකර මැද
සෙනෙහසක් සෙමෙන් ඉකිබිඳිනවා

මුදු ලැමට හිස තබා
ලොවක බර මුදන්නට
වියපත් හදක් පැතුම් පුරනවා

නුඹ එතන මම මෙතන
අප දෙනෙත හමු නොවන
රාත්‍රිය ඉක්මනින් වඩිනවා

.........................


1 comment: