Saturday 10 January 2015

ඔබ නොදත් කථාවක් -A story that you don't know

ඔබ නොදත් කථාවක් 





අරඟලයක් අවසන් විය. එය තවත් අරඟලයක ඇරඹුමක් වනු ඇත. 

සෑම සටනකම තිරය පිටුපස කතාවක් ඇත. බොහෝ අවස්ථාවල එය සමාජයට නොපෙනී කාලයේ වැලි තලා අතර සැඟවී යයි. කලකට පසු මෙම කථා නිරාවරණය වුවත් ඒ වන විට ඒවායේ වටිනාකමක් හෝ අර්ථවත් බවක් නොපෙනී යා හැක. මේ, කියනවා නම් අද දින කිව යුතු එබඳු කථාවකි.

මහින්ද රාජපක්‍ෂ රජයට එරෙහිව සමාජ වෙබ් අඩවි වල ප්‍රහාරයන් උත්සන්න වන්නේ මීට වසර දෙකක පමණ සිටය. පසුගිය සති කිහිපය තුල එය යෝධ ප්‍රවාහයක් වී දැන් මිලාන වෙමින් පවතී.


මේ වෙබ් අරඟලයේ නියමුවෝ කවුද?

පසුගිය කෙටි මැතිවරණ කාල සීමාව තුල සංවිධානාත්මකව ඇරඹි සයිබර් යුද්ධයේ යෙදුන කිහිප දෙනාට අමතරව, මහින්ද රාජපක්‍ෂ රජයට එරෙහිව දැඩි මහජන මතයක් ගොඩනැගීමට දායක වුවෝ 200 ක් පමණ න ශ්‍රී ලංකාවෙන් පිටත සිටින පිරිසක් වෙති. ඔවුන් බොහෝ විට එකිනෙකා පෞද්ගලිකව නොහඳුනති. ඔවුන් බොහෝ දෙනෙකුට ඇත්තේ අන්වර්ථ සයිබර් නාමයන්ය. මේ අතර ඉන්ධන පිරවුම් හල්වල අත් උදව් දෙන්නගේ සිට මහාචාර්යවරු දක්වා විවිධ වෘතිකයන් මෙන්ම  සිංහල දෙමළ මුස්ලිම් ආදී සියළුම ජන කොටස් සිටිති. 


විමල් වීරවංශ මහතාගේ වදන් වලින් පවසතොත් මේ කොටි ඩයස්පෝරාවෙන් ඩොලර් ලැබෙන, අධිරාජ්‍ය ගැති, විදේශ කුමන්ත්‍රණ කරුවන්ය. 

කථාවේ රසවත්ම හරිය ඇත්තේ දැන්ය.

මා ඔබව 2008 වසරේ අග භාගයට ගෙනියන්නම්. 


ලංකා භූමියේ යුද්ධය ඇරඹී තිබුණි. මහින්ද රාජපක්‍ෂ රජයටත්, ශ්‍රී ලංකාවටත් එරෙහිව LTTE හිතවාදීන් ති බිහිසුණු යුද්ධයක් ජාත්‍යන්තර තලයේ ආරම්භ කර තිබුණි. බොහෝ බටහිර රටවල්වල ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිදි කිරා වැටෙමින් සිටියේය. රටේ ප්‍රතිරූපය නංවන්න කියා රජයෙන් ලැබෙන මුදල් තානාපති නිලධාරීන්ගේ සාක්කු වලට ගිය බවටද බොහෝ කතා පැවතුනි. 

මේ අවස්ථාවේ ලොව පුරා විසිරී සිටි ශ්‍රී ලාංකිකයන් රාශියක් සටනට බැස්සේය. ඔවුන් ගණනින් 200 පමණ විය. එහෙත් සයිබර් අවකාශය තුල ඔවුන් 20,000 පමණ සේ පෙනුණේය. මන්ද එකෙක් අන්වර්ථ නාම සිය ගණනකින් සිටි බැවිනි. එකිනෙකා පෞද්ගලිකව නොහඳුනන මේ බලකාය මහා ප්‍රහාරයක් දියත් කළේය. තම අතිශය කාර්ය බහුල දිවියේ ලැබෙන සුළු විවේක කාලයද, වෙහෙස මහන්සි වී උපයන මුදලෙන් කොටසක්ද කැප කරමින් ඔවුන් සටන් කරන්න විය. 

දහස් ගණන් LTTE විරෝධී පෝස්ටර්, ලියවිලි, කොමෙන්ටු සයිබර් අවකාශයේ පලවන්න විය. සිය ගණනක් පෙත්සම් සහ විරෝධතා ප්‍රකාශන තමා සිටින රටේ ඇමතිවරුන්ගේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීන් දක්වා තැපැල් කෙරුණි.  LTTE වෙබ් පිටු වලට එරෙහිව සයිබර් ප්‍රහාර දියත්විය. එක් සතියකින් යුරෝපයේ ඕනෑම නගරයකට සිය ගණනක් ලාංකිකයන් එක් රැස් කිරීමට මේ බලකායට හැකිවිය. 


මේ සියල්ල සිදුවන අතර ශ්‍රී ලාංකික තානාපති කාර්යාල මුව අයාගෙන සිටියෝය. අඩු ගන්නේ එක් රැස්වන පිරිසට වතුර බෝතලයක් හෝ පිරිනැමීමට ඔවුන් මුදල් යෙදෙව්වේ නැත. එහෙත් බොහෝ අවස්ථාවල මේ මහජන උද්ඝෝෂණ, මෙම තානාපති නිලධාරීහු තම ගිණුම් වලට බැර කරගත්තෝය. මේ පිලිබඳව තිරය පිටුපස සිටි සැබෑ ක්‍රියාකාරීහු වචනයකුදු නොදෙඩුහ.

විවිධ දක්‍ෂතා සහ වෘතීය හැකියාවන් තිබු සමහර අය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ට නොමිළේ තම සේවය ලබාදුන්හ. සමහර අය තම ජීවිතය ගැන හෝ තම පවුලේ අයගේ ආරක්‍ෂාව පිළිබඳවද නොතකා ශ්‍රී ලංකාවට පැමිණ සිය සේවාවන් අවශ්‍ය අවස්ථාවල ලබා දුන්හ. මේ ගැන මම පෞද්ගලිකවම දනිමි. 

***********

වසර කිහිපයකට පසු මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව තම හස්තය එසවුවෝද මේ පිරිසමය.

2010 චන්දයෙන් පසු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අත් වූ ඉරණම බොහෝ දෙනෙකුගේ මනස වෙනස් කළේය. ඉන් පසු නැවත නැවතත් සිදු වූ දුෂණ, භීෂණ මෙන්ම ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවලිද මේ සැගවුණු සත්‍ය ජාතිමාමකයන්ගේ සිත් සතන් දැඩි පරිවර්තනයකට භාජනය කළේය. 

පසුගිය වසර වල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීම් වලදී ලංකාව පිළිබඳව ඉදිරිපත් කල යෝජනා වලට එරෙහිව යුරෝපයේ ශ්‍රී ලාංකිකයන්ට විරෝධය දක්වන්න යැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාල රාශියකින් ආයාචනා කර තිබුණි. සමහර අවස්ථාවල උද්ඝෝෂණ වලට සහභාගී වන අයට මග වියදම් දෙන බවද දන්වන ලදී. එහෙත් ලැබුනේ ඉතා ඇල් මැරුණු ප්‍රතිචාරයකි. සමහර උද්ඝෝෂණවල සිටියේ යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් හොඳින් දන්නා රාජපක්ෂ යාන්ත්‍රණයේ අනුග්‍රහය ලබන මැරවරයන් අතලොස්සක් පමණකි. 


සටනක නියම සොල්දාදුවන් සටනින් පසු ඉවත දැමීමට ඔබට හැකිය. එහෙත් ඒ ඊළඟ සටන පැමිණෙන තුරු පමණි. 


මා මෙය ලිවීමට අදහස් කලේ කරුණු දෙකක් පෙරදැරි කරගෙනය. 


මේ නාදුණන සොල්දාදුවන්ට ඔබගේ සිතේ කුඩා සිහිවටනයක් තැබීම පලවන කරුණයි.


දෙවෙනි සහ වැදගත්ම කරුණ නම්.... නව රජයට සහ එහි කටයුතු කරන ඇත්තන්ට ඈතින් පෙනෙන්නට කුඩා රතු එළියක් තැබීමයි. 


කියෙව්වාට ඔබට තුති.


- චන්දිම ගෝමස් 




Friday 9 January 2015

The Lucky Loser




The Lucky Loser


I can still remember the headline in The Telegraph on Tuesday the 9th February, 2010.

 

"General Sarath Fonseka, the former Sri Lankan military chief and defeated presidential candidate, has been punched and dragged along the ground by army troops who arrested him as he met political allies last night". 

 

After five years, we hear that the one who was at the controlling end on that day is at the receiving end today; however the controlling end this time is so generous that the defeated ruler at the receiving end could gracefully walk out of his residence.

 

As I see many posts on the FB that admire the decision of the ex-president to step down willingly and leave the official residence, I think that it is unfair for the winning side of not being appreciated for its generosity. Especially, after the former regime has gone down to the dirtiest levels in gaining advantages in the election. 

 

There is no question that MR should be given the Hero's farewell for his contribution towards war.... 

 

But imagine what if MR has won instead of MS in this election.....? 

 

As I mentioned earlier, we all have seen what he has done to his opponent after he won in 2010. I am sure that he feels very lucky this time.... to have such gentleman-like winners (at least until now).

 

*******